දොර ජනෙල් වසා දමා විදුලි පහන්ද නිවා කළුතර මහාධිකරණයෙනුත් ඇග කිළිපොලා යන තීන්දුවක්

Report

අද (130 දිනවස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ,කුඩා වස්කඩුව, ලිටිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර, සුගත් කුමාර නොහොත් රාළහාමි සහ සමිත සිසිර කුමාර නොහොත් බෙටා නැමැති පුද්ගලයන් තිදෙනා හටයි.

කුඩා වස්කඩුව, ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී චමින්ද කුමාර නැමැත්තා 2008 වසරේ ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක රාත්‍රි වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසක දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනාට චෝදනා ගොනුකර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ. පසුගිය නඩු වාරයේ දී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකරනු ලැබීය.

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිට වීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී විත්තිය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන්ද, පොලිසිය වෙනුවෙන් සැරයන් මනෝජ් නිශාන් ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්