20 වෙනිදා කොළඹට මහ සෙනඟක් - හේතුව මෙන්න

Report

ලබන 20 වන දින පස්වරු 2.00 ට කොළඹ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් දැවැන්ත සංඝ සම්මේලනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා විසින් ඊයේ (12) දින කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසූ බව වාර්තා වේ.

ඒ අනුව මෙම සමුළුවේ මූලික අරමුණ, භික්ෂූන් වහන්සේලාට, සම්බුද්ධ ශාසනයට, ජාතියට සහ රටට එරෙහිව සිදුවන අසාධාරණකම් සහ අකටයුතුකම් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමයි.

එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා සඳහන් කළේ වර්තමානය වන විට රට තුළ නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන ස්වභාවයක් දක්නට ලැබෙන බවයි.

ලබන ඉරිදා කොළඹට විශේෂ ආරක්ෂාවක්, හේතුව මෙන්න

ලබන ඉරිදා කොළඹට විශේෂ ආරක්ෂාවක්, හේතුව මෙන්න

කතෝලික පියතුමෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සිරගත කළද, ත්‍රිකුණාමලයේදී භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පවා සිදු කර නොමැති බව ඔහු එහිදී අවධාරණය කළ බව සඳහන්.

එසේම සිංහල බෞද්ධ ජනතාව කිසිදු විටක ප්‍රචණ්ඩකාරී ආකාරයට හැසිරී නොමැති බවත්, කිසිවෙකු කෙරෙහි වෛරය හෝ ක්‍රෝධය පැතිරවීමට කටයුතු කර නැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

තවද රටත් රාජ්‍යයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය නිරන්තරයෙන්ම නිසි අනුශාසනා ලබා දෙමින් පෙරමුණේ සිටින බවත්, එබැවින් උන්වහන්සේලාට පහරදීම සහ හිරිහැර කිරීම වක්‍රකාරව සමස්ත රාජ්‍යයම විනාශ කිරීමක් බවත් වාකිෂ්ඨ මහතා කියා ඇත.

ඒ අනුව මෙම බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සංඝ සමුළුව කැඳවීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙන බව සඳහන්.

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින