රටම බලන් හිටපු තීන්දුව රනිල්ට දෙන්න තියෙද්දි අධිකරණයේ ලයිට් යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
ගගන වාර්තාකරු පැවසුවේ, විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුවේ තීන්දුව ලබාදීම පැය භාගයකින් කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පස්වරු 5.30ට පමණ මෙම නියෝගය ලබා දුන් අතර, එතැන් සිට මේ දක්වාත් නඩුව විභාගයට ගැනීම ආරම්භ කර නැත. මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් නඩුවේ තීන්දුව ලබාදීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.



