එළැඹෙන අප්‍රේල් 12 වෙනිදා ගැන දැනුම්දීමක් මෙන්න.

Report

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුව ද එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර තිබෙනවා.

එළැඹෙන අප්‍රේල් 12 වෙනිදා ගැන දැනුම්දීමක් මෙන්න. | Postal Workers On Duty On April 12Th 2024

ඒ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

තව ද, ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට, මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර ද මේ වසර වේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස ඒවා ඇති බවයි.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. එදින ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.(PHOTO)

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. එදින ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.(PHOTO)


ඒ භාණ්ඩ නිසි වෙලාවට අදාළ තැනට යොමු කිරීම වගකීම වන බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා 12 වෙනිදාත් සේවයට වාර්තා කිරීමට තීරණය කරඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.