තැපැල් වෘත්තීය සමිති දැඩි තීරණයක

Report

සිය ඉල්ලීම්වලට අද දිනයේ පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් අත්හිටවූ වැඩවර්ජනය යළි ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

අද දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිය අතිකාල දීමනා කප්පාදු කිරීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එහි සම කැඳවුම්කරු එච් ඒ ආර් නිහාල් මහතා පැවසුවේ .

කෑගල්ලේ බස් අනතුරක් - 25ක් රෝහලේ

කෑගල්ලේ බස් අනතුරක් - 25ක් රෝහලේ

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු හමුවේ රාජකාරී ඉටු කිරීමට තැපැල් සේවකයන්ට අනිවාර්යෙන් අතිකාල සේවාවල නිරත වීමට සිදු වන බවද ඔහු කියා සිටියා.

එහෙත් ඊට පෙර පරිදි ගෙවීම් සිදු කරන ලෙස ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච් ඒ ආර් නිහාල් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. 

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි