කෑගල්ලේ බස් අනතුරක් - 25ක් රෝහලේ
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදීයි.
අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.