තැපැල් වර්ජනය අවසන්

By Hashini May 31, 2025 03:43 AM GMT
Report

විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයේ නිරතව සිටි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සිට සේවයට වාර්තා කර ඇති බවයි.

මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

තැපැල් සේවකයන් ඉල්ලීම් 15ක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කළ දෙදින සංකේත වැඩවර්ජනය අවසන් කෙරුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේයි.

එම වැඩවර්ජනය මගින් සිය ගැටලු පිළිබඳ අදාළ බලධාරින්ගේ අවධානය යොමු කරවූ බවයි විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා කියා සිටියේ. 

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්