මෙරට වාහන... තත්ත්වය සහ ඇප් එක... ඒ ගමන මොනවද කරන්න හදන්නේ?

Sri Lanka Sri Lanka Customs vehicle imports sri lanka Latest Headlines Sinhala news
By Akash May 31, 2025 02:16 AM GMT
Akash

Akash

Report

මෙරටට ආනයනය කළ සියලු වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි Motor Vehicle Verification නමින් ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි.

වාහන රහසිගත වෙන්දේසියක්..Prado,BMW සැප වාහන සොච්චමට

වාහන රහසිගත වෙන්දේසියක්..Prado,BMW සැප වාහන සොච්චමට

විවිධාකාරයේ බදු පැහැර හැරීම් සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“අප සතුව තොරතුරු ලබාදෙන ක්‍රමවේදයක් තිබෙනවා.මේ සම්බ්න්ධයෙන් මේ සතියේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවායැයිද කී ඒ මහතා ලංකාවේ දී රථ වාහනයක් මිලදී ගන්නේ නම් නිවැරදිව නීත්‍යනුකූලව තීරු බදු ගෙවා මෙරටට ආනයනය කර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් නිවෙසේ සිටම බලා ගැනීමට Motor Vehicle Verification App එකෙන් පාරිභෝගිකයන්ට හැකියාව ඇතැයි ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

කිරුළ අනුදිට...? ශ්‍රී ලංකා නාමය රන් අකුරෙන් ලියවේ...

මේ අවස්ථාවට එක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද අදහස් දැක්වීය. 

ReeCha