ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබා දේ...
By Parami Dissanayake
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි පෝලියෝ එන්නතෙහි මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 560,000 කට වැඩි පිරිසකට ලබා දී තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ, පළමු අදියරේ දී ඉලක්කගත එන්නත් ආවරණයෙන් 90% කට වඩා ළඟා වී ඇති බවයි.
එමෙන්ම දෙවන එන්නත් කට්ටලය සති හතරකින් සිදු කිරීමට නියමිත බව ද එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසා ඇතැයි වාර්තා වේ.