ඇඳ ඇතිරිලි නමින් ගෙන්වූ රුපියල් කෝටි ගණනක සිගරට් තොගයක් රේගුවට මාට්ටු
ඇඳ ඇතිරිලි (Bed Sheets) ලෙස ව්‍යාජ ලෙස සඳහන් කර මෙරටට ගෙන්වන ලද, නීති විරෝධී සිගරට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ.
ඒ අනුව අදාළ බහාලුම් ලේඛනයේ (Manifest) එහි අන්තර්ගතය ඇඳ ඇතිරිලි ලෙස සටහන් කර තිබුණද, රේගු නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මහා පරිමාණ ජාවාරම අනාවරණය කරගෙන ඇත.
මෙම බහාලුම විවෘත කර එහි වටිනාකම සහ සිගරට් ප්‍රමාණය නිශ්චය කිරීමේ කටයුතු අද (06) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.