පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි
ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධිත ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර ඇත්තේ පසුගිය පැය 24 තුළ "ඉරානයේ අවසරය ඇතිව" නැව් 15 ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බවයි.
යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ ගමනාගමනයට වඩා තවමත් 90% කින් අඩු බව එහි වැඩිදුරටත් සඳහන් විය.
විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ඇතුළු සමහර ඉරාන නිලධාරීන් නැවත නැවතත් පවසා ඇත්තේ අත්‍යවශ්‍ය නැව් මාර්ගය වසා දමා නොමැති නමුත් එය "සතුරු රටවලට" පමණක් වසා ඇති බවයි.
ඊයේ ඉරානය නිවේදනය කළේ ඉරානය පනවන ඕනෑම සීමාවකින් නිදහස් බවයි.
මැද පෙරදිග යුද උණුසුම වැඩි කරමින් පාස්කු ඉරිදා ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 11 ස් දෙනෙක් මිය ගිහින්
තවද ඉරාන නිලධාරීන් සහ නීති සම්පාදකයින් ද සමුද්‍ර සන්ධිය භාවිතා කරමින් යාත්‍රාවලට ගාස්තු අය කිරීමේ හැකියාව මතු කර තිබේ
මීට පෙර ඉරාන ජනාධිපති කාර්යාලයේ සහායකයෙකු සදහන් කර ඇත්තේ යුද්ධයෙන් සිදු වූ සියලු හානි සඳහා වන්දි ගෙවීමට ප්‍රවාහන ගාස්තු වලින් කොටසක් භාවිතා කළ විට හෝමූස් සමුද්‍ර සන්ධිය "නැවත විවෘත කරනු ලබන" බවයි.