මේ බැංකුවෙන් සියලුම ගනුදෙනුකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Report

මෑතකදී වාර්තා වූ වංචා සිද්ධියෙන් ඇස්තමේන්තුගත අලාභය ආසන්න ලෙස රුපියල් බිලියන 13.2 ක් බව ජාතික සංවර්ධන බැංකුව (NDB) සඳහන් කරයි.

ඒ සමඟම ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඔවුන් සහතික ක‍ර ඇත.

ඒ අනුව අප්‍රේල් 6 වන දින නිකුත් කරන ලද ආයතනික හෙළිදරව්වකදී, විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වංචාව නිශ්චිත මෙහෙයුම් ප්‍රදේශයකට සීමා වී ඇති බවත් ඇතැම් සේවකයින් කුමන්ත්‍රණයෙන් ක්‍රියා කර ඇති බවත්ය.

එබැවින් ජාතික සංවර්ධන බැංකුව සඳහන් කර ඇත්තේ මෙම කාරණය ඉතා හදිසි කාරණයක් වශයෙන් සලකන බවත් අරමුදල් අයකර ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ කටයුතු කරන බවත්ය.

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

තවද වංචාවට සම්බන්ධ සියලුම සේවකයින්ගේ වැඩ තහනම් කර ඔවුන්ගේ පද්ධති ප්‍රවේශය අවලංගු කර ඇති බව සහ වංචාවට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව බලපෑමට ලක් වූ මෙහෙයුම් ඒකකය ද සංශෝධිත වාර්තාකරණ ව්‍යුහයන් සහ සංවිධානය පුරා වැඩිදියුණු කළ ප්‍රවේශ පාලනයන් සමඟ වෙනම අධීක්ෂණයක් යටතේ තබා ඇති බව වාර්තා වේ.

එසේම බැංකුවෙන් කියා ඇත්තේ උපරිම අපේක්ෂිත අලාභය සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන සැලසීමෙන් අනතුරුව, නරකම අවස්ථාවක දී, මෙම සිදුවීම 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ආසන්න ලෙස රුපියල් බිලියන 4.0 ක බදු ගෙවීමෙන් පසුව විගණනය නොකළ අලාභයක් ඇති කරනු ඇති බවයි.

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රටටම සුබ පුවතක් - මැයි මාසෙදි ලංකාවට ලැබෙන දේ

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රටටම සුබ පුවතක් - මැයි මාසෙදි ලංකාවට ලැබෙන දේ

එමෙන්ම 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂයට රුපියල් බිලියන 11.0 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කළ බවත්, 2025 සිව්වන කාර්තුවේදී රුපියල් බිලියන 3.5 ක ලාභයක් වාර්තා කළ බවත් බැංකුව සඳහන් කර ඇත.

එමෙන්ම වැඩිදුරටත් බැංකුවෙන් සඳහන් කර ඇත්තේ 2026 මාර්තු 31 වන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 990 ක් වූ එහි මුළු වත්කම් පදනමට මෙම සිදුවීම නිසා සියයට 0.7 කින් පමණ බලපානු ඇති බවයි.

එසේම ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් සහ ප්‍රාග්ධනයක් සහතික කිරීම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට පූර්ණ දැනුම්දීමක් ලබා දී ඇති අතර නියාමන සහාය සහ අධීක්ෂණය ලබා දී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව 2026 අප්‍රේල් 6 වන දින කොටස් හිමියන්ට ගෙවිය යුතු මුදල් ලාභාංශය අත්හිටුවන ලෙසත්, ස්ක්‍රිප් ලාභාංශය සැලසුම් කළ පරිදි ඉදිරියට යාමට ඉඩ සලසන ලෙසත් මහ බැංකුව බැංකුවට තවදුරටත් නියෝග කර තිබෙනවා.

අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

ඊට අමතරව වංචාව, එහි හේතු සහ අභ්‍යන්තර පාලනයන් පිළිබඳ ගැඹුරු සමාලෝචනයක් සිදු කිරීමට ස්වාධීන අධිකරණ වෛද්‍ය විගණකවරයෙකු පත් කිරීමට ද අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර වෙනම නිවේදනයක් නිකුත් කරමින් NDB, ගනුදෙනුකරුවන්ගේ ශේෂයන් නොවෙනස්ව හා සුරක්ෂිතව පවතින බවත්, සාමාන්‍ය බැංකු කටයුතු බාධාවකින් තොරව සිදුවන බවත් යළිත් අවධාරණය ක‍ර ඇත.

එබැවින් බැංකුව සත්‍යාපනය නොකළ තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර, පැහැදිලි කිරීමක් අවශ්‍ය ගනුදෙනුකරුවන්ට ළඟම ඇති NDB ශාඛාව, සම්බන්ධතා කළමනාකරු හෝ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 011 744 8850 ඔස්සේ සම්බන්ධ කර ගත හැකි බවද දැනුම් දෙයි.

Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ

විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ