රටේම වෙනස්කම් රැසක් වෙනකොට, එකවරම පොලීසියේ ලොකු පුටුවල වෙනසක් වෙලා මෙන්න..

Report

පොලීසියේ ස්ථාන මාරු කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබෙනවා.

හෙට හවස 4.00 වෙනකම්.. කාලගුණය දැඩි වෙයි?.. වහාම ප්‍රදේශ රැසක ජනතාවට කළ අනතුරු ඇඟවීම මෙන්න..

හෙට හවස 4.00 වෙනකම්.. කාලගුණය දැඩි වෙයි?.. වහාම ප්‍රදේශ රැසක ජනතාවට කළ අනතුරු ඇඟවීම මෙන්න..


එමෙන්ම, නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

ඒ මහතා ඊට පෙර පොලිස් මූලස්ථානයට අනුයුක්තව මුදල් විශුද්ධිකරණ හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය 02 සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳව විමර්ශනය කිරීම පිණිස මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි රාජකාරි අධීක්ෂණ තනතුරේ කටයුතු කළේ ය.

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)

නාම යෝජනා නැතිවුණ පාර "බික" අශේන් යකා නැටුවණේ.. ප්‍රතික්ෂේප වෙන්න හේතුව ගැන.. තේරීම්භාර නිළධාරීවරයා කීව දෙය මෙන්න..(VIDEO)


එයට අමතරව පහත සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ස්ථාන මාරු කිරීම ද මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.

නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

ඇයි රත්තරන් මෙහෙම.. ආයෙත් ගණන් ඉස්සුවේ.. දවසින් දවස වෙනස් වෙන රත්තරන් මිල.. අද කීයද කියලා දන්නව ද?.(PHOTO)

ඇයි රත්තරන් මෙහෙම.. ආයෙත් ගණන් ඉස්සුවේ.. දවසින් දවස වෙනස් වෙන රත්තරන් මිල.. අද කීයද කියලා දන්නව ද?.(PHOTO)


කාන්තා නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පොලිස් මුලස්ථානයේ (බඳවාගැනීම් හා පුහුණු දිසාව) සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර තිබෙනවා.


You May Like This Video ?