හෙට පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය රථ වාහන රියදුරන්ට විශේෂයි..පොලීසියෙන් දැනුම්දීමක්.
අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට දිනයේ එනම් සඳුදා(05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.
පොලීසිය පැවසුවේ, එළැඹෙන සඳුදා (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරන බවයි.
ඒ අනුව එම කාලය තුළ පහත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන බවයි, පොලීසිය මහජනතාව වෙත දන්වා ඇත්තේ.