මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි..

Sri Lanka Ministry of Agriculture Water Board Water
By Aruna Aug 04, 2024 03:09 AM GMT
Aruna

Aruna

Report

අපි අද කියන්න යන්න මිහිපිට සිටින සෑම ජීවියෙකුගේම සහ සොබාදහමේ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධාන සම්පතක් ගැනයි.

ඒ ජල සම්පතයි.

ජලය අපට වගේම සොබාදහමට මොනතරම් වැදගත් ද යන්න ගැන ඔබට අමුතුවෙන් මතක් කිරීමට අවශ්‍ය නැත.

මන්ද ජලය නොමැතිව මිහිපිට ජීවයක් නොමැති වීමයි.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.. | Drinking Water Risk In Sri Lanka

මෙය උපුටා ගැනීමක්:

මේ මිහිමත වැඩිපුරම ඇත්තේ ජලය ය. එම ප්‍රමාණය 71%කි. ගොඩබිම ප්‍රමාණය 29%කි. එම ජලයෙනුත් සියයට 94.7% ක්ම ඇත්තේ ලවණ මිශ්‍ර සාගර ජලයය.

ප්‍රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ 2.6%ක් පමණි. එම ප්‍රමාණයෙනුත් වැඩි හරියක් ග්ලැසියර් සහ අයිස් තුළ තැන්පත්ව පවතින අතර ඉන් පානය කිරීමට සුදුසු ජලය ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

එසේම ලොව තුළ පවතින සෑම රටකටම පානය කිරීමට තරම් සුදුසු ජලය ස්වභාවධර්මයෙන් ලැබී නැත. ඒ අතරින් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

මීට දශක කීපයකට පෙර මේ පුංචි රටේ අපේ මුතුන් මිත්තන් පානය කළේ අද මෙන් පිරිපහදු කළ ජලය නම් නොවේ.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.. | Drinking Water Risk In Sri Lanka

කුඹුරට ගියවිට දෙපාවෙන්, ඇළෙන් දොළෙන් එන දිය බිඳකින් පවස නිවා ගත්තේ ඒ තුළ කිසිදු රසායනිකයක් හෝ කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවූ බැවිනි.

නමුත් අද ඒ තත්ත්වය දකින්නට නැත. අද ඇළ දොළෙන් තබා ගෙදර තියෙන ළිඳෙන්වත් වතුර උගුරක් බීමට දෙවරක් නොව සිය දහස් වරක් සිතිය යුතු මට්ටමට ජල මූලාශ්‍ර දූෂණය වී තිබේ.

අප මේ බව ප්‍රකාශ කළේ නිකම් නම් නොවේ. ඒ පසුගියදා නිකුත් කළ වාර්තාවක් හේතුවෙනි.

එම වාර්තාව සකස් කොට ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යුනිසෙෆ් ආයතනය සමග එක්වය.

ඒ 2021 වසරේදීය. 2021 වසරේ සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ දැන් ය. ඒ 2024 ජූලි මස 12 වැනි දිනයි.

එම වාර්තාවට අනුව මෙරට බහුතර ජනතාව පානය කරන ජලය බීමට සුදුසු තත්ත්වයේ නොපවතින අතර බොහෝ ජල මූලාශ්‍ර අනාරක්‍ෂිත මට්ටමේ පවතී.

මේ වනවිට ජලය මූලික මිනිස් අවශ්‍යතාවක් සහ මූලික අයිතිවාසිකමක් වී හමාරය. එම මූලික අවශ්‍යතාව නොමැතිව මේ මිහි මත කිසිදු සත්වයෙකුට හෝ ශාකයකට ජීවයක් නොමැත.

එතරම් වැදගත්කමක් හිමිව ඇති ජල සම්පතේ වටිනාකම සහ අප පානය කළ සහ තවමත් පානය කරන ජලයේ ඇති අහිතකර බව මෙම නවතම වාර්තාවෙන් මොනවට පැහැදිලි කොට තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නවතම වාර්තාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පීඨ මහාචාර්ය සමත් ධර්මරත්න මහතාද අදහස් දක්වා තිබිණි.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.. | Drinking Water Risk In Sri Lanka

අතුකෝරල මහතා පවසන ආකාරයට ධරණීය සංවර්ධන අභිමතාර්ථයන් පිළිබඳ සලකා බලන කල ආරක්ෂිතව කළමනාකරණය කරන ලද පානීය ජල සේවාවන් සඳහා ලෝකයේ සෑම රටක්ම නිර්ණායකයන් තුනක් සැපිරිය යුතුය.

එම නිර්නායකයන් තුන වන්නේ

1. Accesibility (ජලය සඳහා වූ ප්‍රවේශය)

2. Availability (ජලය ලබාගැනීම සඳහා පවතින බව)

3. Safe (ජලයෙහි ආරක්ෂිත බව)

මින් පළමු කරුණ වන ප්‍රවේශය එසේ නැතිනම් වතුර පහසුවෙන් ලබාගත හැකි විය යුතුය යන කාරණය ගැන බැලුවහොත් වතුර ලැබෙන මූලාශ්‍රය තමන්ගේ නිවස හෝ පරිශ්‍රය තුළ හෝ ඒ අවට පිහිටිය යුතුය.

ඒ තුළින් පහසුවෙන් ජලය ලබාගත හැකිය. දෙවන කාරණය ලෙස දැක්වෙන්නේ තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක ලබා ගැනීමට ජලය පැවතිය යුතුය යන්නයි.

තුන්වනුව ආරක්‍ෂිතව මෙන්ම පහසුවෙන් ජලය ලබාගැනීමට හැකිවිය යුතුය. මෙම සමීක්ෂණය පිළිබඳ මෙන්ම ඊට මූලික වූ කරුණු පිළිබඳවද මහාචාර්ය අතුකෝරල මහතා මෙසේ අදහස් දැක්විය.

නළ ජලය වුණත් උතුරවා නිවා පානය කරන්න දිය උල්පත් පිරුණු රටේ කුණු වතුරම මොකද කටේ...

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.. | Drinking Water Risk In Sri Lanka

රටේ ජනතාවගෙන් 66%ක්ම බොන්නේ අපිරිසිදු වතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පීඨ මහාචාර්ය සමත් ධර්මරත්න “ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, වතු වර්තල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්ව 2021 වසරේ පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

මේ සමීක්ෂණය සඳහා ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහම ආවරණය වන පරිදි නාගරික, ග්‍රාමීය සහ වතු යන අංශ තුනම නියෝජනය වන ආකාරයට ගෘහ ඒකක 3210ක් පමණ යොදා ගනු ලැබුවා.

මෙම අධ්‍යයනයේ තොරතුරු 2024 ජුනි මස 12 වැනිදා තමයි නිකුත් කරනු ලැබුවේ.

එයට අනුව 2021 වසර වන විට මෙරට ජනගහනය මිලියන 22.156ක්. මෙම සමීක්ෂණයට අනුව ජලයේ අපවිත්‍රවීම සලකා බලන ප්‍රධාන නිර්ණායකය වන්නේ ඊකොළයි කියන අපවිත්‍රතාවයයි.

එම සමීක්‍ෂණයට අනුව ඊකෝලයි අපවිත්‍රතාවයෙන් තොර සහ අඛණ්ඩව සහ ආරක්ෂිතව කළමනාකරණය කළ ජල මූලාශ්‍රයකින් පානීය ජලය ලබා ගැනීමට නිවාස පරිශ්‍රයේ හැකියාව ලැබී පවතින්නේ ආසන්න වශයෙන් ලංකාවේ ගෘහ ඒකක වලින් තුනෙන් එකකට එසේත් නැතිනම් 33.4% කට පමණයි.

සංඛ්‍යාත්මකව රටේ පවුල් මිලියන 5.7ක් සිටියත් පවුල් මිලියන 1.9 කට පමණයි මෙලෙස ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබී පවතින්නේ.

ඒ තුළ සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 74ක්. පවුල් ගොඩකට අපවිත්‍ර ජලය ඒ වගේම පවුල් මිලියන 3.79කට පිරිසිදු ආරක්ෂිත ජල පහසුකම ලැබෙන්නේ නැහැ.

ඊකෝලයි අපවිත්‍රතාවයෙන් තොර සහ අඛණ්ඩව සහ ආරක්ෂිතව කළමනාකරණය කළ ජල මූලාශ්‍රයකින් පානීය ජලය ලබා ගැනීමට නිවාස පරිශ්‍රයේ හැකියාව නොමැති පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් හත් ලක්ෂ පනස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක්.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.. | Drinking Water Risk In Sri Lanka

එම ප්‍රමාණයේ ප්‍රතිශතය 66.6%ක්.” මෙරට තවමත් නාගරීකරණය වී නොමැත. අප රටේ තවමත් නාගරික ප්‍රදේශවලට වඩා ජනතාවක් වාසය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය.

මෙම සමීක්‍ෂණ වාර්තාවට වාර්තාවට අනුව මෙරට නාගරික ප්‍රදේශවල වාසය කරන ජනගහනය 17%ක්. ග්‍රාමීය ප්‍රදේශවල ජනගහනය 78%ක්.

වතු ආශ්‍රිතව ජනගහනය 5%ක්. නාගරික ප්‍රදේශවල වාසය කරන 17% තුළ සිටින ජනගහනය ලක්ෂ 37 කට ආසන්නය.

එසේම ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන 78% තුළ සිටින පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයක ජනතාවක් වාසය කරයි.

වතු ආශ්‍රිතව වාසය කරන ජනගහනය ලක්ෂ දහයකට අධික පිරිසක් වාසය කරයි.

නාගරික ප්‍රදේශවලට වඩා පිරිසිදු ජලය පවතින්නේ ග්‍රාමීය ප්‍රදේශවලය.

අප බොහෝ දෙනෙක් නිරන්තර පවසන කාරණයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ තවමත් දූෂණය වී නැති බවයි.

බියක් සැකක් නැතිව ග්‍රාමීය ප්‍රදේශවල ජල මූලාශ්‍රවලින් ජලය පානය කළ හැකි බව ආඩම්බරයෙන් පැවසුවත් මෙම නවතම වාර්තාවට අනුව එම මතය බිඳ වැටී තිබේ.

ඊකෝලයි අපවිත්‍රතාවයෙන් තොර සහ අඛණ්ඩව සහ ආරක්ෂිතව කළමනාකරණය කළ ජල මූලාශ්‍රයකින් පානීය ජලය ලබා ගැනීමට නිවාස පරිශ්‍රයේ හැකියාව ඇති පිරිසට වඩා එසේ ලබාගැනීමට නොහැකි ප්‍රමාණය ග්‍රාමීයව ඉහළ ගොස් තිබේ.

ඒ පිළිබඳව මහාචාර්ය අතුකෝරල මහතා මෙසේ අදහස් දැක්විය.

මෙරට භාවිතා කරන පානීය ජලය ගැන භයානක ආරංචියක්..මෙහෙම ගියොත් වෙනදේ හිතාගන්නවත් බැරි වෙයි.. | Drinking Water Risk In Sri Lanka

“නාගරික අංශයේ ආරක්ෂිත පානීය ජලය නොමැති ප්‍රමාණය 31.4%ක්.

ඉන් අදහස් වන්නේ නාගරික ප්‍රදේශවල වාසය කරන ලක්ෂ 37න් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජලය නැහැ කියන කාරණය.

ග්‍රාමීය ප්‍රදේශවල එක්කෝටි හැත්තෑහතර ලක්ෂයෙන් එක්කෝටි විසිපන් ලක්ෂයකට එසේ නොමැති නම් 71.8% කට ආරක්ෂිත පානීය ජලය නැහැ.

ඉතාම ඛේදනීය තත්ත්වය පවතින්නේ වතු ආශ්‍රිතව. වතු ජනතාවගෙන් 96.8% කට ආරක්ෂිත පානීය ජලය නැහැ.

ඉහත සඳහන් කළ නිර්ණායකයන් අනුව ජලය පානය කරනු ලබන්නේ 3.1% පමණ පිරිසක් පමණයි.

වතුකරයේ වාසය කරන ජනගහනය දස ලක්ෂ හතළිස් දහසකට ආසන්නයි. එයින් දස ලක්ෂයකටම ආරක්‍ෂිත පිරිසිදු පානීය ජලය නැහැ.

මෙම සමීක්ෂණයට අනුව ජලය රැස්කිරීම සඳහා යෑමට සහ ඒමට මිනිත්තු තිහකට අඩු කාලයක් තුළ ළඟාවිය හැකි නම් ආරක්ෂිත ජලය කළමනාකරණය කරන්නට පුළුවන් කියන නිර්ණායකය සඳහන් කොට තිබෙනවා.

එම නිර්ණායකයට අනුව ජනතාවගෙන් 20.3% පහසුවෙන් ජලය ළඟා කර ගැනීමට හැකියාව ලැබී නැහැ. එම ප්‍රමාණය හතළිස් පන් ලක්‍ෂයක්.” දිනපතා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත් මගින් නිතර කියවෙන කරුණක් වන්නේ අනාරක්ෂිත ළිංවලට වැටී විශාල වශයෙන් කුඩා ළමුන් මිය යන බවයි.

මේ තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවල බහුලවම වාර්තා වේ. අතුකෝරල මහතා පවසන්නේ අනාරක්ෂිත ළිං වලින් ජලය ලබා ගන්නා ප්‍රමාණය 16.1% පමණ වන බවයි.

එම ප්‍රමාණය ලක්ෂ තිස්හයකට ආසන්නය.

කඩිනම් ක්‍රියාමාර්ග නොගත්තොත් රජයට සෞඛ්‍ය අංශ සඳහා විශාල වියදමක් දරන්නට සිදුවේවි දිය උල්පත් පිරුණු රටේ කුණු වතුරම මොකද කටේ...

රටේ ජනතාවගෙන් 66%ක්ම බොන්නේ අපිරිසිදු වතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ලෝකය සහ අපට හිමි තැන අපේ රට ජලයේ ගුණත්වය පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන ආකාරයක් දකින්නට ලැබෙන්නේ නැත.

නමුත් ඉහළ ගුණත්වයෙන් යුතු ජලය භාවිත කිරීමට ඕනෑම කෙනෙකුට අයිතිය හිමිවිය යුතුය.

වස විස බහුලව කන ජනතාවකට මොන ගුණත්වයෙන් යුතු ජලය දැයි සිතෙනවා ඇති.

අද ඔබ ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව වැඩ කරන්න..විශේෂයෙන් මේ ලග්න වල අයටයි..

අද ඔබ ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව වැඩ කරන්න..විශේෂයෙන් මේ ලග්න වල අයටයි..


නමුත් ගෝලීයකරණය තුළ අප රට ලොව අනෙක් රටවල් සමඟ සංසන්දනය කරන විට ආරක්‍ෂිත පානීය ජලය පිළිබඳ සලකා බලන විට ලැබෙන්නේ එතරම් සතුටුදායක ස්ථානයක් නම් නොවේ.

ඒ පිළිබඳවද අතුකෝරල මහතා අදහස් දැක්විය. “ජලයේ ගුණත්වය පිළිබඳ සලකා බලන්නට දර්ශකයක් සකස් කොට තිබෙනවා.

එලෙස ජලය ඉහළ ගුණත්වයකින් යුක්ත රටවල් ගණනාවක් දැක ගන්නට පුළුවන්.

ලෝකයේ රටවල් එකසිය පනහක් මේ සඳහා දර්ශකයක් නිර්මාණය කර ඇති අතර මෙම දර්ශකයට අනුව එක්සත් රාජධානිය නෙදර්ලන්තය, ග්‍රීසිය, ස්විස්ටර්ලන්තය, පින්ලන්තය නෝර්වේ වැනි රටවල ජලයේ ගුණත්වය 100%කි.

ඒ වගේම නයිජර්, නයිජීරියාව, බුරුන්ඩි, ටෝගෝ, මැඩගස්කරය වගේ රටවල්වල එම දර්ශකයේ පවතින්නේ 10% කට වඩා පහළ අගයක.

ඒ කියන්නේ ඉතාම අපවිත්‍ර මට්ටමක තමයි පවතින්නේ. ලංකාව පවතින්නේ රටවල් අතුරින් 117 වැනි ස්ථානයේ.

දර්ශකය පවතින්නේ 46.7% වැනි අගයක. ලංකාව මෙම දර්ශකයේ සාමාන්‍ය අගයටත් වඩා පහළ අගයක පැවතීම කනගාටුදායකයි.

මොකද ලංකාව කියන්නේ අනෙක් රටවල් හා සංසන්දනය කරද්දී ස්වභාවික ජල උල්පත් බහුල රටක්. ඒ වගේ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට විශාල වියදමක් දරන්නට සිදු නොවන රටක්.

නමුත් පසුගිය දශක කිහිපය දෙස බලන විට පෙනී යන්නේ එය මූලික මිනිස් අයිතියක් සේ සලකා ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු නොකළහොත් දිගුකාලීනව ලෙඩ රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

එහෙම වුණොත් රජයට සෞඛ්‍ය අංශ සඳහා විශාල වියදමක් දරන්නට සිදුවේවි.” ජලය දූෂණයට ලක්වීම මේවනවිට ශීඝ්‍ර වී තිබේ. රටේ කොතැන බැලුවත් ජල මාර්ගවලට එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයකි.

වහල මත සෝලා විදුලියට ගෙවන මිල ගැන අලුත්ම දැනුම්දීමක්..ඒකකයකට ගෙවන ගාන මෙන්න..

වහල මත සෝලා විදුලියට ගෙවන මිල ගැන අලුත්ම දැනුම්දීමක්..ඒකකයකට ගෙවන ගාන මෙන්න..


ඒ පිළිබඳ මහාචාර්යවරයා දැක්වූයේ මෙවන් අදහසකි. “කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් විශාල වශයෙන් පානීය ජලයට තර්ජන එල්ල වී තිබෙනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා විවිධ රසායනික ද්‍රව්‍ය, පස සෝදාපාළුවට ලක්වීම මෙන්ම ගංගා, ඇළ දොළවලට කුණු දැමීම හේතුවෙන් අද වනවිට දැඩි අර්බුදයක් ඇතිවී තිබෙනවා.

” රටේ ජල සම්පතට එල්ලවී ඇති තර්ජනය පිළිබඳ මෙන්ම ඉන් ජනතාවට ඇතිවන අහිතකර තත්ත්වයන් පිළිබඳවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පීඨ මහාචාර්ය සමත් ධර්මරත්න මහතා අදහස් දැක්විය.

“මේවනවිට ලෝකය තුළ මෙන්ම ලංකාව තුළත් පානීය ජලය සීමාසහිත වී තිබෙනවා. ඊළඟ ලෝක යුද්ධය වතුර සම්බන්ධයෙන් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ජනතාවට ආහාර නැතිව සිටියත් වතුර නැතුව ඉන්න බැහැ. ජාතික ජල සම්පාදන මණ්ඩලයට මේ වනවිට ජනතාවට 100%ක් ආරක්‍ෂිත වතුර දෙන්න පුළුවන්කමක් ලැබිල නැහැ.

ඒ වගේම නළ ජලය පවා සමහර අවස්ථාවල බීමට සුදුසු තත්ත්වයේ නැති අවස්ථා වාර්තා වෙනව.

ඒක නිසා නළ ජලය වුණත් උතුරවා නිවා පානය කරන්න පුළුවන්නම් ඉතා හොඳයි. ඊට අමතරව ළිඳකින්, ඇළකින්, දොළකින් ගන්නවානම් අනිවාර්යයෙන් උතුරවා නිවා පානය කළ යුතුමයි.

එසේ උතුරවන ජලය අවම වශයෙන් විනාඩියක කාලයක්වත් හොඳින් උතුරවා ගත යුතුයි. දිය උල්පත් පිරුණු රටේ කුණු වතුරම මොකද කටේ...

රට පුරා පවතින පාසල් වර්ගීකරණයක් සම්බන්ධයෙන් ගන්න යන තීරණය මෙන්න..

රට පුරා පවතින පාසල් වර්ගීකරණයක් සම්බන්ධයෙන් ගන්න යන තීරණය මෙන්න..


රටේ ජනතාවගෙන් 66%ක්ම බොන්නේ අපිරිසිදු වතුර ඊකෝලයි කියන්නෙ එක විෂබීජයක් විතරයි. මේ වගේ තව ගොඩක් විෂබීජ ජලයේ මුසුවී තිබෙන්න පුළුවන්.

මේවා තුළින්ම බහුලවම වාර්තා වන රෝග වන්නේ වමනය, පාචනය වැනි තත්ත්වයන්. ඊට අමතරව හෙපටයියිස් වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

ඊට අමතරව විවිධ ලෝහ වර්ග පවා මේ තුළ දියවී තිබෙන්න පුළුවන්. ඒවා අපේ වකුගඩු තුළින් පෙරන්න පවා අපහසුයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් ලෙස මම දෙන මූලිකම පණිවිඩය තමයි හැකි තරම් වතුර බොන්න කියන කාරණය.

විශේයෙන් පාසල් යන ළමුන් වතුර බොන්නේ ඉතාමත් අඩුවෙන්. වැසිකිළි පහසුකම් අඩු පාසල්වල ළමයින් වතුර බොන්නේ ඉතාමත් අඩුවෙන්.

වකුගඩුවල ආබාධයක් නැත්නම් වතුර මොනතරම් බිව්වත් කමක් නැහැ.

උපුටා ගැනීම අවසන්:

ReeCha