මුදල් සහ ජංගම දුරකථන පැහැර ගත් කොස්තාපල්වරුන් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka
By Wayomi Sep 06, 2023 09:20 AM GMT
Wayomi

Wayomi

Report

කොටුව සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගැනීම හේතුවෙන්.

ඉකුත් ජූලි මස 24 වැනි දින රාජගිරියේ සුපිරි වෙළඳ සැලක් ආසන්නයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය බලෙන් ලබා ගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇත.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අදාල පැමිණිල්ල ඔස්සේ' විමර්ශන සිදුකර මෙම පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha