පාසල් සිසුවියක්ගෙන් පියාට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් - සිසුවියව සාමාන්‍ය පෙළ ලියන්නත් පොලීසියම එක්ක යයි

Report

පියෙකුගේ පහරදීමෙන් රෝහල් ගතවු සිසුවියකට අද (23) දින පැවති සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබෙන පුවතක් වාර්තා විය.

ඒ අනුව වාර්තා වූයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දර්ගා නගරයේ පදිංචි සිසුවියක් ඉකුත් සෙනසුරාදා පැවති විභාගයට මුහුණ දී නිවසට පැමිණ, දහය වසරේ ඉගෙනුම ලබන නැගණියද සමඟ අසල මිතුරිකගේ නිවසට ගොස් ආපසු පැමිණීමට ප්‍රමාදවී ඇති බවයි.

අනතුරුව දරුවන් දෙදෙනාට පෙර නිවසට පැමිණ සිටි පියා මේ සම්බන්ධයෙන් උරණ වී දියණියන් දෙදෙනාටම පහරදී තිබෙනවා.

එමෙන්ම පහරකෑමට ලක් වූ සාමාන්‍ය පෙළ විභාගය ලියන දියණිය හා දහය වසරේ ඉගෙනුම ලබන දියණිය මෙම පියාගේ පහරදීම ඉවසාගත නොහැකිව අලුත්ගම පොලීසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට සිසුන්ගේ මව්පියන් පහර දීලා - 7 දෙනෙක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට සිසුන්ගේ මව්පියන් පහර දීලා - 7 දෙනෙක් අත්අඩංගුවට

අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම පැමිණිල්ල සටහන් කර සිසුවියන් දෙදෙනාව අලුත්ගම රෝහලට ඇතුළත් කර ඇත.

පසුව ඔවුන් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාරවලට මාරුකර යවා තිබෙනවා.

එහිදී අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා හමුවේ වැඩිමහල් දියණිය සියල්ල ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව ස්ථානාධිපතිවරයා අද උදෑසන පොලිස් ජිප් රථය කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට ලබාදී සිසුවියට අවශ්‍ය ආහාර පාන හා පෑන් පැන්සල් සියල්ල ලබාදී කළුතර නාගොඩ රෝහලේ අවසරය මත විභාග මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇත.

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

පස්වරු 4.10ට විභාගය අවසන් වීමෙන් පසු නැවත නාගොඩ ශික්‍ෂණ රෝහල වෙත පොලිස් කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ සිසුවියව රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවද ස්ථානාධිපතිවරයා පවසා ඇත. අඳාළ සිසුවියන් දෙදෙනා මවගේ රැකවරණය අහිමිව පියා සමඟ ජීවත් වෙමින් සිටිය දී මෙම අවසනාවන්ත තත්ත්වයට මුහුණ පා ඇත.

එමෙන්ම සිසුවියන් දෙදෙනාට පහරදී සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද පොලීසිය ප්‍රකාශ කරයි.  

සා.පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ අයගෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින් පස්සේ

සා.පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ අයගෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින් පස්සේ