කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

Report

කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීම සඳහා මහජන සහාය ඉල්ලමින් දැනුම්දීමක් සිදු කරයි.

ඒ අනුව 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇති බව සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්,දේපළ සාපරාධී අපහරණය, රැවටීම, සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කිරීම්, නීති විරෝධී සැලසුම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධි විධාන උල්ලංඝනය කිරීම්, නිශ්චල හෝ චංචල දේපල කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පටිපාටියෙන් බැහැරව සිදුකර ඇති නඩු කටයුතු, සමථ කිරීම් හා බේරුම් කිරීම් එම වරදවලට අයත් වේ.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

එසේම එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයින්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් ලෙස සේවයෙන් නිරතව සිට හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනාත් ඊට අයත් බව වාර්තා වේ.

ඒ අනුව මහජන පැමිණිලි ලබා ගැනීමේ කාලය 2026 මාර්තු මස 16 වන දින දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.

මෙයින් ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත පහත ලිපිනයට එවීමට ඕනෑම පුද්ගලයෙකුට, පුද්ගලයන්ට හෝ සංවිධානවලට, ආයතනයන්ට ආරාධනය කර ඇත.

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

ඉදිරි පැය 24 දී බෙංගාල බොක්කේ වෙන්න යන්නේ මේකයි - විශේෂයෙන් මේ අයට නිවේදනයක්

එසේම එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතු බව ද සඳහන්.

එමෙන්ම ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය හෙළි කරනු ලැබීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකි බවත් සඳහන්.

කොමිෂන් සභාවේ ලේකම් දැනුම් දී ඇත්තේ කොමිෂන් සභාවට වාචිකව ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන, පුද්ගලයන් 2026 මාර්තු මස 16 වන දින හෝ ඊට ප්‍රථමව දිනයක් නියම කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුම් ලබා දිය හැකි බවයි.

ලිපිනය අංක:152, ගාලුපාර, කොළඹ 03.

දුරකථන අංකය: 0112301735.

බැංකු ගිණුම් හා මුදල් අනතුරේ - පොලිසිය වගේ ආවට රැවටෙන්න එපා - බොරු පොලිසියක් මතුවෙලා

බැංකු ගිණුම් හා මුදල් අනතුරේ - පොලිසිය වගේ ආවට රැවටෙන්න එපා - බොරු පොලිසියක් මතුවෙලා