උද්ඝෝෂන වලට වෙඩි තැබීමට දෙන නියෝග පිළිබඳ පොලිස්පති සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

By Sithumi Apr 22, 2022 04:04 PM GMT
Sithumi

Sithumi

Report

 මහජන උද්ඝෝෂණවලට වෙඩි තැබීමට තමන් උපදෙස් නොදුන් බව පොලිස්පති සී ඩි වික්‍රමරත්න මානව හිමිකම් කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නා.

ඒ, රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද කැඳවූ අවස්ථාවේදීයි. මේ, ඒ පිලිබඳ අදහස් දැක්වූ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි.

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම අනාවරණ කරගෙන ඇත්තේ විරෝධතාකරුවන් පාලනයට යෙදවූ පොලිස් කණ්ඩායම ටී 56 ගිනිඅවි 04 ක් භාවිත කර ඇති බවයි.

ඔවුන් ටී 56 උණ්ඩ 35 ක්ද, භාවිත කර ඇති බව ද එහිදී අනාවරණ වී තිබෙනවා. මේ අතර රඹුක්කන පැවැති විරෝධතාව අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now