පොලිස් ලොක්කෙක්ට අනතුරක්
By Mithu
විශේෂ මෙහෙයුම් රාජකාරි කටයුත්තක යෙදී සිටි කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා වෑන් රථයක ගැටී තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී ඔහු මෙම අනතුරට ලක්වූ බවයි.
අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කලුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. රිය අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු සහ එම රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.