බස් රථයේ බැටරි කාමරයේ දොර විවෘත වී මාරක අනතුරක්

Report

ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ අති සුඛෝපභෝගී බස් රථයක බැටරි කාමරයේ දොර විවෘත වී ඇති අතර ඒ මාර්ගයේ සිටි පුද්ගලයකුගේ ශරීරයේ ගැටී අනතුරක් සිදුවී ඇත.

ඒ අනුව අදාළ බස් රථය කොළඹ දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ බස් රථයක් බවත් කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ තැඹිලියාන ප්‍රදේශයේදී ඊයේ (22) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලීසිය පැවසීය.

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සිදු කළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව දෙහිඕවිට පොලීසිය වැඩිදුර පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

අද චන්ද්‍රයා ලග්නයේ දෙවැන්නේ ගෝචර වන යහමින් මුදල් ගැවසෙන ආර්ථිකයට යහපත් දවසක්

අද චන්ද්‍රයා ලග්නයේ දෙවැන්නේ ගෝචර වන යහමින් මුදල් ගැවසෙන ආර්ථිකයට යහපත් දවසක්

බන්ධනාගාරයේදී රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂාවකට

බන්ධනාගාරයේදී රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂාවකට