"අනේ අංකල් මන් තාම ඉස්කෝලේ යනවා.." - පාසල් දැරියකට බැංකු කළමණාකාරවරයෙකු සිදු කල කැත වැඩේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sithumi
කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.
මේ පිළිබදව දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ මියගොස් ඇත.
මොහු වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ පියෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටින අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී මීට මාස කීපයකට ඉහත දී නිවසේ දුරකතනයකට ඇමතුමක් ලැබී විසන්ධි වී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබිණ.
- සිතුමි -
