රූමත් සරසවි සිසුවියන්ට පාර අයිනෙ කැළෑවක ඉඳලා අසැබි දසුන් පෙන්නලා..

Report

පොලීසිය විසින් පරිගණක තාක්ෂණ ශිල්පියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රූමත් සරසවි සිසුවියන්ට පාර අයිනෙ කැළෑවක ඉඳලා අසැබි දසුන් පෙන්නලා.. | Police Arrested One Person At Baddegama

ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රූමත් සිසුවියන් විශ්වවිද්‍යාලයට ගමන් ගන්නා මාර්ගයන්හි සැඟව සිටිමින් අශෝභන ක්‍රියාවල යෙදීම හේතුවෙන් ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන බද්දේගම පදිංචි පුද්ගලයෙක් ය.

ඔහු ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක පරිගණක තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කරන අයෙක් බව වාර්තා වේ.

මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මොහු සේවයට යන සෑම දිනකම උදෑසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාබද කැලෑබද පෙදෙසක රැඳී සිටිමින් අසැබි ක්‍රියාවල යෙදී ඇති බවයි.

මෙම සිදුවීම්වලට මුහුණ දුන් ඇතැම් සිසුවියන් අවස්ථා කිහිපයක දී අනතුරුවලට ලක්ව ඇති බව ද සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලිවලට අනුව අදාළ පුද්ගලයා එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.

ඇතැම් සිසුවියන් විසින් සැකකරුගේ අශෝභන ක්‍රියාකාරකම් වීඩියෝ ගත කර තිබූ බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, එම වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමත් සමඟ සැකකරු කළ වැරැද්ද පොලිසිය හමුවේ පිළිගෙන තිබෙනවා.