තත්වය නරක අතට හැරෙයි - දැදුරු ඔය පිටාර ගලයි - දුම්රිය ධාවනයටත් බාධා
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් දැඬි බාධා එල්ල වී ඇත.
කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ සිට ධාවනය වන දුම්රියන් කුරුණෑගල දක්වා පමණක් ධාවනය වන අතර යාපනය සිට පැමිණෙන දුම්රියන් මහව දක්වා පමණක් ධාවනය වන බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (02) දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, තවත් ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවය.