මුදල් නෝට්ටු ගැන දැඩි අවධානයෙන් සිටින්න...පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.
Sri Lanka
Money
The central bank
By Aruna
ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් තවදුරටත් ඒ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය, ජනතාවට දැනුම් දෙනවා.
ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ළග තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 34ක් සහ 5000 නෝට්ටු කිහිපයක් පොලීසිය විසින් ඊයේ සොයා ගත් අතර, ඒ පිලිබඳව අවධානය යොමුකරමිනුයි පොලීසිය මෙම දැනුම් දීම සිදු කරන්නේ.
එම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සඳහා යොදා ගත් පරිගණකය ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
එම සිද්ධිය පිලිබඳ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |