පොලිස්පති හා යුද හමුදාපති අද කරන්න යන දේ මෙන්න.

Shavendra Silva Sri Lanka Police Armed Forces
By Aruna May 11, 2022 01:30 AM GMT
Aruna

Aruna

Report

ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා අද (11) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා.

එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවේ, අද පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මානව හිමිකම් කොමිසම පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now