පොහොට්ටුවත් එකවරම විශේෂ තීරණයක.. රටම බලාගෙන හිටිය දෙය මෙන්න..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා ඉදිරිපත් කිරිමට ය.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හෙට කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව, එහි මුල් පිටපත අද (30) පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇති බව සඳහන් වේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) පෙරවරුවේ එළි දැක්විණ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය www.ranil2024.lk වෙබ් අඩවිය ඔස්සේ එළිදැක්වීම සිදු කෙරුණේ ය.

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව පස් අවුරුදු සැළැස්මේ ප්‍රමුඛතා ලෙස ජීවන බර අඩු කිරීම, රැකියා ලබා දීම, බදු සහන ලබා දීම, ආර්ථික ප්‍රවර්ධනය සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, එහි පළවෙනි අදියර ලෙස රැකියා ආදායම් මාර්ග 100,000ක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාව අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ය.