ලංකාව පුරාම බෝම්බ ප්‍රහාර 6ක් - බෝම්බ යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බවට සැකයක්

Report

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කර තිබේ. ඉන් තුනක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ සිදුව තිබීමත් විශේෂත්වයකි.

මෙලෙස මෑත කාලීනව බස්නාහිර පළාත තුළ පාතාල කල්ලිවල බෝම්බ භාවිතය පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව ඇත.

යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බෝම්බ මෙලෙස ඔවුන් විසින් භාවිත කරන බවට සැකයක් මතුව ඇති අතර ඒ අනුව ඉදිරියේදී අපරාධ මර්දනයට කටයුතු කිරීම සදහා ත්‍රිවිධ හමුදාවද එක්කරගැනීමට පොලිසියේ අවධානය යොමුව ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

මේ අතර දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (11) අළුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා තුවාල ලැබීය.

එලෙස මියගියේ 17 හැවිරිදි කසුන් රශ්මික හා ඔහුගේ සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් නමැති දරුවන් දෙදෙනාය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 55 හැවිරිදි ඔවුන්ගේ පියා වන නලින් තුසන්ත පෙරේරා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඔහුට එරෙහිව කිසිදු අපරාධ ඉතිහාසයක් හෝ චෝදනාවක් නොමැති බව පොලිසිය පැවසීය. අත්වැරදීමකින් අදාළ නිවසට නාඳුනන පුද්ගලයෙකු විසින් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීම වාර්තා වුණේ අද අළුයම තුනට පමණය. සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ නිවසෙහි දොරට තට්ටුකර ඇති අතර, නිවැසියන් විසින් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට බෝම්බය එල්ලකර ඇති බවයි පොලිසිය කීය.

එහිදී නිවසේ නිදාසිටි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. කෙසේවෙතත් අසල්වැසි නිවසේ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් වාසය කරන අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා පවතින බවත්, ඔවුන් බඩෝවිට අසංක නම් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුගේ සමීපතමයන් බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඒ අනුව අදාළ නිවස හා මියගිය දරුවන් පදිංචිව සිටි නිවස නිසිලෙස හඳුනාගැනීමට නොහැකිව මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකරන බව පොලිසිය කියා සිටියි.

වියානා ඇළ මත මෙගාවොට් 05ක සූර්ය බල නියමු ව්‍යාපෘතියක්

වියානා ඇළ මත මෙගාවොට් 05ක සූර්ය බල නියමු ව්‍යාපෘතියක්

පෙරේදා දිනයේදී කළුබෝවිල පිහිටි නිවසකට බඩෝවිට අසංකගේ පාර්ශ්වය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය පිළිබඳව ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදු කෙරුණි. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ආරම්භ කෙරුණු පසුබිමක, ප්‍රහාරය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය පහළ බෝපේ ප්‍රදේශයේදී දමාගොස් තිබියදී සොයාගත් බව සඳහන්ය.