තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරී
තායිලන්ත අග්‍රාමාත්‍ය "අනුටීන් චාන්-විරයාකුල්" විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. තායිලන්ත රජුගේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශයට පත් කර ඇති වග විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ඒ වගේම මීළඟ තායිලන්ත මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අප්‍රේල් මාසයේදී ය.
නමුත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඉදිරි දින 45ත් 60ත් අතර කාලය තුළ තායිලන්තයේ මීළඟ මහමැතිවරණය පැවැත්විය යුතුව ඇත.
තවද පසුගිය සැප්තැම්බර් මාසයේ "අනුටීන් චාන්-විරයාකුල්" බලයට පත්විය.
ඒ වගේම ඔහු වසර දෙකක් තුළ තායිලන්තයේ අගමැති ලෙස කටයුතු කළ තෙවැනි පුද්ගලයා වේ.
මේ අතර, මේ වනවිට තායිලන්තය සහ කාම්බෝජය අතර දේශ සීමා ගැටුම් හේතුවෙන් අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබේ .
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා තායිලන්තය හමුදා මෙහෙයුම්වලට බලපෑමක් ඇති නොවන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.