සම්බෝධි විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමට එරෙහිව පෙත්සමක්
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ ගැටලුවක් සම්බන්ධයෙන් විශාල අර්බුදකාරී තත්වයක් මතු වී තිබේ.
ඒ අනුව එම විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර තිබේ.