මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

Report

නුවරඑළිය මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම මහතා විසින් තමන්ට සහ තම සහෝදර මන්ත්‍රීවරයාට පහර දුන් බවට චෝදනාවක් කර ඇත.

ඒ නුවරඑළිය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ සහයෝගයෙන් විවිධ තරාතිරම්වල හා අංශ කිහිපයක් නියෝජනය කරන රාජ්‍ය සේවකයන් වසර ගණනාවක් පුරාවට සිදුකරන මූල්‍යමය වංචා හා රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිතයන් සම්බන්ධයෙන් තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දිගින් දිගටම සිදුකරන අනාවරණයන් නිසා අඳාළ වංචාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් නාගරික කොමසාරිස්වරයාගේ හා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග එක්ව සැලසුම් කිරීමෙන් බව සඳහන්.

එසේම වාර්තා වූ ආකාරයට ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළිය මාලිමා නාගරික මන්ත්‍රීවරයෙකු "කුකුල් මස් කෑල්ලක් බෙදාගන්න බැරුව ගුටි කාලා" යනුවෙන් සමාජ මාධ්‍ය හරහා පළවන අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කිරීමට සහ පහරදීමට හේතුව මාධ්‍ය වෙත හෙළි කිරීමේ අරමුණින් තම නිවසේ දීම විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමෙන්.

අඳාළ පහරදීමේ සිද්ධිය පසුගිය (14) සිකුරාදා දින රාත්‍රියේ සිදුව ඇත.

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

ඒ අවමගුල් උත්සවයකට සහභාගි වූ මහ නගර සභා සේවකයන් සහ එම අවමගල් උත්සවයට ඥාතීත්වයක් අනුව ආහාර පාන ලබාදුන් නාගරික මන්ත්‍රීවරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් දෙපාර්ශවය අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින්.

මෙම පහරදීම නිසා නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම සහ මහ නගර සභා සේවක ෆාසිල් යන අය රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇත.

එමෙන්ම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහත්මීව ඉදිරිපත් කිරීමෙන් පසුව (15) දින ඇප මත නිදහස් කර තිබෙනවා.

මේ අතර ඊයේ (17) දින පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා රෝහලින් ප්‍රතිකාර ලබා බැහැරවීමෙන් පසුව ජූඞ් චාන්දන මැදගම නගරික මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ සහ නලින් රාජ් නාගරික මන්ත්‍රීවරයා මහ නගර සභා සේවකයන්ගේ පාර්ශවයෙන් ලද පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇති බව වාර්තා වුණා.

එසේම පොලිසිය සඳහන් කළේ ඊයේ දිනයේ රෝහලින් ප්‍රතිකාර ලබා බැහැර වූ මහනගර සභා සේවක පාසිල් යන අයවද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා පැවසුවේ,

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

"මළගෙදරක ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මම හා මාගේ සහෝදර මන්ත්‍රීවරයා වන නලින් රාජ් පහර කෑමට ලක් වූ මළගෙදර මාගේ ඥාතියකුගේ මළ ගෙදර බැවින් එම අවමංගල්‍ය උත්සවය රාත්‍රී ආහාර වේල මා විසින් බාර අරන් ඥාතියාට පින් පිණිස සිද්ධ කළේ , මම අනුග්‍රහය දක්වපු කෑම වේලක කුකුල් මස් කෑල්ලකට රණ්ඩුවක් ඇති කරගන්න මට කිසිම උවමනාවක් නැහැ කුකුල් මස් කන්න ඕන නම් මගේ ආපනශාලාවට ගියාම ඇතිවෙන්න මට කන්න පුළුවන් , මේක මාහට මඩ ගහන්න කියපු කතාවක් හැරෙන්න මේ කතාවේ කිසිදු ඇත්තක් නැහැ , එම පහරදීම දින ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව සිදු කරපු දෙයක්. මා හට පහරදීමට මූලික වූ ෆාසිල් යන පුද්ගලයා නුවර එළියේ මහනගර සභාවේ ඔහු සේවය කරන වෑන් රථය අවභාවිතා කරන පුද්ගලයෙක්. වාහනේ අවභාවිතා කරන අවස්ථාවකදී ඔහු මගේ අතටම අහුවුණා ඒ ගැන මම කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දුන් නමුත් ඔහුට විරුද්ධව කොමසාරිස්වරයක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ වගේ නොයෙකුත් මූල්‍ය වංචා හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ඔවුන් පිළිබඳව අපි සාක්ෂි සහිතව අනාවරණය කරා දිගින් දිගටම. ඒත් වංචාවලට සම්බන්ධ අයට විරුද්ධව පොලිස් පැමිණිලිත් අපි සිද්ධ කරලා තියෙනවා ඒ හොරකම්වලට අදාළ සාක්ෂි සාධකත් එක්කම. මේ හොරකම් කරන අයව කොමසාරිස්තුමා දිගින් දිගටම රකිනවා වගේම ඒ කොමසාරිස්වරයාගේ වැරදිත් සේවකයන් දිගින් දිගටම වහන්න උත්සාහ කරනවා. අපිට පහර දෙන්න සැලසුම් කරලා නගර සභා සේවකයන් උසිගන්වලා ඔවුන්ට මධ්‍යසාර බෝතල්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලබාදුන්නා කියන එකට අපි ගාව සාක්‍ෂිත් තියෙනවා. මේක හිතා මතාම නලින් රාජ් මන්ත්‍රීවරයාව සහ මාව ඉලක්ක කර සැලසුම් සහගතව පහර දුන්නා කියන එක ස්ථීර වෙන්නේ අපිත් එක්ක හිටපු අනිත් නාගරික මන්ත්‍රීවරයා වන වශී කරන්ට කිසිදු පහරක් එල්ල කරේ නැහැ පහර දුන් පුද්ගලයන් විසින්. පහර දුන් පුද්ගලයා සහ කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් දිගින් දිගටම සිදුකරනුු ලබන මූල්‍යමය වංචා සහ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම පිළිබඳව අපි ඉදිරියේදී නීතිය ඉදිරියට යෑමට සූදානම්"

එසේම පහර කෑමට ලක්වූ නලින් රාජ් මන්ත්‍රීවරයාද ඉහත සිදුවීම දමිළ බසින් මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පවසා තිබුණා.

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මේ අතර පහර දුන් පුද්ගලයන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ මූල්‍ය වංචා හා දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හසුවූ අවස්ථාවලදී වීඩියෝ පට කිහිපයක්ද ජූඞ් චාන්දන මැදගම නාගරික මන්ත්‍රීවරයා මාධ්‍යය සාකච්ඡාවෙන් පසුව සිය මුහුණු පොත ඔස්සේ මුදා හැර තිබූ බව වාර්තා වේ.

මේ අතර මන්ත්‍රීවරුන් දෙපෙළට පහර දුන් බව කියමින් මන්ත්‍රීවරයා විසින් පැමිණිලි සිදුකර ඇති පුද්ගලයන්ගෙන් විමසීමක් කළද ඔවුන් කියා සිටින්නේ මන්ත්‍රීවරයා විසින් සිදුකරන එම චෝදනාව පිළිගැනීමට නොහැකි බවයි.

එසේම එවැනි චෝදනාවක් සිදු කරන්නේනම් එම චෝදනාවන් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන මෙන් ඔවුන් මන්ත්‍රීවරයාට අභියෝගද කර ඇත.

මේ අතර නාගරික මන්ත්‍රීවරයා එල්ල කරනු ලබන චෝදනාව සම්බන්ධයෙන් නුවරඑළිය නාගරික කොමසාරිස් විජයකෝන් බණ්ඩාර මහතා සඳහන් කළේ,

"අදාළ මන්ත්‍රීවරයා තැන් තැන්වල ගොස් ප්‍රශ්න ඇති කරගෙන ඒවා සේවකයන් පිටින් හා නිලධාරීන් පිටින් යවන එක වැරදියි. අත්අඩංගුවට ගත් කිසිදු පුද්ගලයෙක් මූල්‍ය වංචාවලට සහ අවභාවිතා වලට සම්බන්ධ නැහැ, යම් යම් සැක පළ කරමින් මා ගාවට ප්‍රශ්න අරගෙන ආවා. සැකය විතරක් තියාගෙන සාක්ෂි නැතුව අපිට විසි කෙනෙකුට දඬුවම් කරන්න බෑ, ලැබෙන පැමිණිලිවලට ඔවුන්ට අපි උපදෙස් දීලා අවශ්‍ය කටයුතු නාගරික කොමසාරිස්වරයාගේ පැත්තෙන් මම කරලයි තියෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ දේවල් නෙමෙයි වැඩ තහනම් කරලා ලොකු ලොකු දඬුවම් දෙන්න ඕන කියලා. සාක්ෂි සාධක නැතුව අපිට ඒ දේවල් කරන්න බැහැ. ඔය කියන චෝදනාවල් සාක්ෂිත් එක්ක ඔප්පු කරලා පෙන්නුවනම් අපිට ඒවාට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්." 

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට