මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

Report

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සාමාජිකයෙකු නොවන බවට ප්‍රකාශ කර ඇත.

ඔහු එසේ පවසා ඇත්තේ කැබිනට් මාධ්‍ය හමුවේදීයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයකදී ජාතික ලැයිස්තුවට නම් කරන්නේ පක්ෂ සාමාජිකයන්ම නොවන බව ද අමාත්‍යවරයා එහිදී පැවසූ බව වාර්තා වේ.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

අමාත්‍යවරයා අඳාළ ප්‍රකාශය සිදු කරන ඇත්තේ මිද්දෙණියේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවක් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු එම පක්ෂයෙන් ඉවත් කළ ද, මොහොමඩ් ඊබ්‍රහීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් නොකළේ මන්දැයි විපක්ෂය මඟින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බව සඳහන්.

ඒ අනුව මොහොමඩ් ඊබ්‍රහීම් මහතා පසුගිය 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කර තිබෙනවා.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

එසේම ඔහු 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාද වන බව සඳහන්.

මේ අතර එම ප්‍රහාර සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ ඔහුට දැනටමත් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති අතර ඔහුව ඇප මත මුදා හැර සිටින බව ද වාර්තා වේ.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි