හිටපු අමාත්‍ය ලංසාටයි රාජිතටයිත් කෑම ගෙදරින් දෙන්න අවසර
Dr Rajitha Senaratne
Department of Prisons Sri Lanka
Nimal Lanza
Law and Order
Sinhala news
By Kaushi
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ නිමල් ලන්සා හට නිවසේ සිට ගෙනෙනු ලබන ආහාර පරිභෝජනයට අවසර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ විසින් අදාළ පුද්ගලයන් දෙදෙනා සිදු කරන ලද විධිමත් ඉල්ලීම් මත මෙම අවසරය ලබා දුන් බව සඳහන් කළා.
මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍ය අලාභයක් සිදු කළ බවට වූ චෝදනා හේතුවෙන් ලබන සැප්තැම්බර් 9 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එසේම නිමල් ලන්සා 2006 පළාත් පාලන මැතිවරණ සමයේදී හිටපු මීගමුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දීමක් හේතුවෙන් වූ චෝදනා අනුව ලබන සැප්තැම්බර් 12 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.