කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

Sri Lanka Police Law and Order Murder Ishara sewwandi Sinhala news
By Kaushi Sep 01, 2025 05:51 AM GMT
Kaushi

Kaushi

Report

කොළඹ මහාධිකරණයේදී පාතාල නායකයෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, අපරාධකරුවෙකුට නීතිඥවරියකගේ වෙස් ගෙන පිස්තෝලයක් පොත් අතර සඟවාගෙන ගෙනවිත් දුන්නේ යැයි කියන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව සොයා මේ වන විටත් පොලිස් විමර්ශන සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අනුව, ඇය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සැඟවී සිටින බව අනාවරණය වී තිබෙනවා.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

මෙම තොරතුරු අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්ම නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම් මඟින් හෙළිව ඇති බව සඳහන්.

එසේ වුවද අඳාළ සැකකාරිය තවමත් මෙරට සැඟවී සිටින්නේද යන්න පිළිබඳවද විමර්ශන කරමින් සිටින බව පොලිසිය පවසයි.

මේ අතර ඩුබායි හි ඇය සිටින බව තහවුරු කරගත් පසු, ඇයව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

අඳාළ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකපිට ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයෙකු මින් පෙර කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා තිබුණා.

එහෙත් එසේ රිමාන්ඩ් බාරයේ සිටියදී, ඇයගේ මවට පිළිකා රෝගයක් වැළඳී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීව්තක්ෂයට පත්ව තිබුණා.

සර් මට ටිකක් කතා කරන්න ඕනි -දුරකථනයෙන් සිදු කෙරූ තර්ජනයට පද්මේ CI ලින්කන්ගෙන් සමාව අයදී

සර් මට ටිකක් කතා කරන්න ඕනි -දුරකථනයෙන් සිදු කෙරූ තර්ජනයට පද්මේ CI ලින්කන්ගෙන් සමාව අයදී