මේ ප්‍රදේශවල අය අවධානෙන්, සුළඟේ වේගය වැඩියි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළ යා හැකි බව පවසා ඇත.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, ප්‍රදේශ රැසක අද දින සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකි බවයි.
ඒ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලයි.
ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ ඇතැම් ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ද ඇති විය හැකි බවයි.
ඒ අනුව එම ප්‍රදේශ ලෙස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දක්වා තිබෙනවා.