"බැංකු ගිණුම් තහනම් කරනවා.. නැත්නම් දේපළ ටික පවරා ගන්නවා.." - හීන් දාඩිය දාන්නම.. නව ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

Government Of Sri Lanka Income Tax Department Latest Headlines Decision Making Income Tax Return
By krishani Oct 08, 2024 12:24 AM GMT
krishani

krishani

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)


එමෙන්ම, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමට ද බලය තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ඊයේ (07) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක මහතා ඒ බව සඳහන් කළේ ය.

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, බදු අය කරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

"අද සිට අපේ නිලධාරීන් හිඟ බදු අය කරගැනීම සඳහා පරිශ්‍රයට පැමිණෙනවා. එම නිලධාරීන් කවුරුන්දැයි හරියට හඳුනාගන්න. ඒ අය අප දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පැළඳ සිටිය යුතුයි.

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..


කිසිම විටක චෙක්පත් හෝ මුදල් හෝ කිසිම දෙයක් භාරගන්නේ නැහැ. ඒ නිලධාරීන් හැමවිටම උපදෙස් දිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ගිණුමට අදාළ හිඟ බදු ගෙවා කටයුතු කරන ලෙස.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.


මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අයකළ යුතු හිඟ බදු පවතී නම් ඒ සියල්ලක්ම අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

නීතියට අනුව තදින් කටයුතු කරන කොට බැංකු ගිණුම් තහනම් කිරීම, දේපොළ පවරාගැනීමට පවා අපට බලය තියෙනවා".