ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.
එළඹෙන මහ මැතිවරණය සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක් වූ දේශපාලන පක්ෂ එක්ව තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමටයි.
ඒ, අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ඔවුන් මෙවර මහ මැතිවරණය සඳහා තරග කරනු ඇති.
කොල්ලුපිටිය – මල්පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද (07) පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කළේ ය.
පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු තවත් පක්ෂ රැසක් ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට නියමිත බව ඔහු මෙහිදී පැවසුවේ ය.
එමෙන්ම, ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරඟ වදින කණ්ඩායමට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නායකත්වය ලබාදෙන බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය සඳහා පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලෙස කුසලානය ලකුණු යටතේ තරග බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.