වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

Department of Motor Vehicles vehicle imports sri lanka Latest Headlines Decision Making
By krishani Oct 07, 2024 02:37 PM GMT
krishani

krishani

Report

වාහන ආනයනය කිරිම නැවත ශ්‍රී ලංකාව ආරම්භ කිරීමට සූදානමව තිබෙනවා.

එවන් පසුබිමක, නව රජය තවමත් එහි නිශ්චිත සැලසුම් පිළිබඳව ප්‍රකාශයක් කර නොමැත.

නමුත් පසුගිය රජය විසින් සකස් කරන ලද රාමුව සමඟ ඉදිරියට යා හැකි බව මහ බැංකුවේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා තිබෙනවා.

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..

දේශපාලනය නිසා හෂාන්ගේ බිරිඳ අප්සාරිට ක්‍රිකට් නැත්තටම නැති වෙයි?. විශේෂ මාධ්‍ය හමුවකින් කීව දෙය මෙන්න..


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ පසුගිය රජය වාහන ආනයන තහනම ක්‍රමයෙන් ඉවත් කිරීමට හේතු වූ මූල්‍ය තත්ත්වය රජය මාරුවීමෙන් පසුව ද නොවෙනස්ව පවතින බවයි.

එමෙන්ම, පසුගිය රජය මෙම තීරණය ගත් විට අවශ්‍ය තාක්ෂණික විශ්ලේෂණයන් සිදු කිරීමෙන් පසු මහ බැංකුව නිර්දේශ ලබා දුන් බව ඒ මහතා පැවසීය.

2025 පෙබරවාරි 1 වැනිදා වන විට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් සම්පූර්ණයෙන්ම ලිහිල් කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය පාලනාධිකාරිය නිවේදනය කර තිබුණේ ය.

එමෙන්ම, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ මූල්‍ය තත්ත්වයන් අපේක්ෂිත ගමන් මගෙහි දිගටම පැවතුනහොත් තීරණය පවත්වාගෙන යාම කළ හැකි බව ය.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.


තව ද, වාහන ආනයනය පිළිබඳ අවසන් තීරණය මුදල් අමාත්‍යාංශය සතු බව ඒ මහතා කියා සිටියේ ය.

පසුගිය රජය සඳහන් කළේ එච්එස් කේත 304ක් යටතේ වර්ගීකරණය කර ඇති මෝටර් වාහන සහ මෝටර් නොවන භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉවත් කිරීම අදියර තුනකින් සිදු කරන බවයි.

එනම්,

ජනපති කටුවාපිටියේ දී හිර වෙයි?. කවදාවත් නොවූ දෙයක් එහෙදි වෙලා.. ඒක ඇහුවොත් පුදුම හිතෙයි..(VIDEO)

ජනපති කටුවාපිටියේ දී හිර වෙයි?. කවදාවත් නොවූ දෙයක් එහෙදි වෙලා.. ඒක ඇහුවොත් පුදුම හිතෙයි..(VIDEO)


අදියර 1 යටතේ, පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනෙකුත් මෝටර් නොවන භාණ්ඩ ආනයනය කිරීමට 2024 ඔක්තෝබර් 1 වැනිදා සිටත්

අදියර 2 යටතේ,වාණිජ හෝ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම 2024 දෙසැම්බර් 1 වැනිදා සිටත්

අදියර 3, යටතේ පුද්ගලික භාවිත මෝටර් වාහන (මෝටර් රථ, වෑන්, ක්‍රීඩා උපයෝගිතා වාහන, පිකප් ආදිය ඇතුළුව) ආනයනය 2025 පෙබරවාරි 1 වැනිදා සිටත් අවසර ලබා දෙන බවයි.

මෙන්න මේ අයට.. වහාම ස්ථාන මාරු වීම්.. වැඩ බලන පොලිස්පති දුන් නියෝගය මෙන්න..(PHOTO)

මෙන්න මේ අයට.. වහාම ස්ථාන මාරු වීම්.. වැඩ බලන පොලිස්පති දුන් නියෝගය මෙන්න..(PHOTO)


පසුගිය රජය විසින් සිය ප්‍රවේශය අවසන් කරන විට පවතින ප්‍රධාන කොන්දේසි මාලාවක් හඳුනා දෙනු ලැබීය.

එහිදී එම කොන්දේසිවල අන්තර්ගත වූයේ ආනයන ප්‍රතිපත්තිය මගින් පරිසර හිතකාමී වාහන සඳහා ප්‍රමුඛත්වය දෙන බවයි.

එමෙන්ම, දැඩි වායු විමෝචන ප්‍රමිතීන් හඳුන්වාදීම, යුරෝ 4 සිට යුරෝ 6 අනුකූලතාව දක්වා මාරුවන අතර මෙම ප්‍රතිපත්තිය මගින් විදුලි වාහන ප්‍රවර්ධනය කරයි.

විශේෂයෙන්ම විද්‍යුත් ත්‍රිරෝද රථ දේශීයව එකලස් කිරීම, රථවාහන අනතුරු ඇති කිරීම සඳහා පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය කිරීමට අවසර නොදන බවත් එහි අන්තර්ගත විය.

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..


තව ද, ආනයන සැලැස්ම ඉදිරියට ගෙන යාමට රජය ධනාත්මක අදහස් ලබා දෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL) සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පසුගියදා පැවසීය.

කෙසේ වෙතත්, වාහන සඳහා 600%ක ආනයනික බද්දක් පැනවෙන බවට පසුගිය කාලයේ පැතිර ගිය කටකතා පදනම් විරහිත බව ප්‍රතික්ෂේප කළ ඒ මහතා එවැනි වැඩිවීමක් වෙළඳපොළ අඩාල කරන බව අවධාරණය කර සිටියේ ය.