ආයේ දඩ ගෙවන්න ඕනෙත් ඔන්ලයින්

Report

රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා විසින් රජ‍යෙන් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය මඟින් ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ප්‍රකාශ කර ඇත.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ආසන පටි පැළඳීම පිළිබඳව දැනුවත් කිරීමට කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

"දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ.අද කැබිනට් මණ්ඩලය අනුමත කළා... දැනට තියෙන්නේ කුරුණෑගල ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි." යනුවෙන්.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්