පාඨලීගේ රාජගිරියේ නඩුව කල් යයි

Report

කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවේ 2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඒ පිළිබඳ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරහිව ගොනුකර ඇති නඩුව ජූලි මස 25 වැනිදා දක්වා කල්තැබීමටයි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා විත්තිකාර පාඨලී චම්පික රණවක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනයේ තීන්දුව මෙතෙක් ලැබී නොමැති බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

ස්විස් තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවටත් හොරු පනී...

ස්විස් තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවටත් හොරු පනී...

එම තීන්දුව ලැබෙන තෙක් මෙම නඩුව කල් තබන ලෙසත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා අදාල නඩුව ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට නියම කළා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල යන අය නම් කර තිබෙනවා. 

මිලියන 77 වංචා කළ සහකාර අධ්‍යක්‍ෂවරියට සහ ලේකම්වරයාට වැඩ වරදි

මිලියන 77 වංචා කළ සහකාර අධ්‍යක්‍ෂවරියට සහ ලේකම්වරයාට වැඩ වරදි