ස්විස් තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවටත් හොරු පනී...

By Hashini Apr 30, 2025 08:32 AM GMT
Report

 ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

කොල්ලුපිටිය පොලිසියට ස්විස්ටර්ලන්ත තානාපතිනිය විසින් ඊයේ (29) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපතිනිය ඉකුත් 12 වැනිදා ස්විස්ටර්ලන්තයට පිටව ගොස් පෙරේදා (27) ලංකාවට පැමිණි බවත් එම කාල සීමාව තුල ඇයගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සේවයේ නියුතුව සිට තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය එම කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පවසනවා.

තානාපතිවරියගේ නිල නිවාසයේ ඉහළ මහලේ කාමරයක සේප්පුවේ දමා තිබූ දියමන්ති අල්ලන ලද මුදුවක්, කොළපෑති ගල් අල්ලන ලද මුදුවක් සහ රන්මාලයක්, සුදු රත්තරං බ්‍රේස්ලට් එකක්, රන් මංගල මුදුවක්, රූබි ගලක් අල්ලන ලද රන් මුදුවක්, රන් පෙන්ඩන්ටයක්, නිල් මැණික් ගල් අල්ලන ලද රන් කරාබු ජෝඩුවක්, Omega ladymatic වර්ගයේ ඔරලෝසුවක් ඇතුළු රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇති බවට තානාපතිනිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ කරනු ලබනවා.

මිලියන 77 වංචා කළ සහකාර අධ්‍යක්‍ෂවරියට සහ ලේකම්වරයාට වැඩ වරදි

මිලියන 77 වංචා කළ සහකාර අධ්‍යක්‍ෂවරියට සහ ලේකම්වරයාට වැඩ වරදි