මිලියන 77 වංචා කළ සහකාර අධ්‍යක්‍ෂවරියට සහ ලේකම්වරයාට වැඩ වරදි
සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු ලබන 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය පසුගිය 07 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සබරගමුව පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා කුසුම්ලතා කුමානායක යන අයයි.
මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශිය ලේකම්වරයෙකු මෙන්ම සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වු දේවප්‍රිය විජයරාජ යන අයද නීතිඥයෙකු මඟින් භාර වී තිබෙනවා.
ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරිවරයෙක්, ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව හෙළිවීව ඇත්තේ සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත් ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින්.
අනතුරුව ඊට අදාළව සබරගමු පළාත් සභාවේ ලේකම්වරයෙකු අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයට කළ පැමිණිල්ලකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
2016 සහ 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77ක් සිදුකර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි සබරගමු පළාත් සභාව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
