විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් තාක්ෂණය භාවිතයෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙම වැඩසටහන යටතේ, දිස්ත්‍රික්ක කිහිපයකින් වලංගු අයදුම්පත් ඉදිරිපත් කරන ජනතාවට පැය හතරක් වැනි කෙටි කාලයකදී ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකිවනු ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක මහේෂ් කරුණාදාස මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ, මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළ මගින් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ජනතා හිතවාදී වන බවයි.
එසේම, දෙපාර්තමේන්තුවේ ආදායමේ වර්ධනය මෙම නවීකරණයන්ට තවදුරටත් ශක්තියක් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.