මැතිවරණ උණුසුම මැද, දේශපාලන ප්‍රබලයෙක්ගේ දිව්රුම් දීමක් එක්ක.. පාර්ලිමේන්තුව රැස් වෙයි.. (LIVE VIDEO)

Report

අද (03) පාර්ලිමේන්තුව පෙ.ව 9.30 කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙන බවය.

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..


එමෙන්ම, අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවනිවර කියවීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතයි.

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..


මේ අතර, කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (03) කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පැවැතිණි.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..


කෙසේ වෙතත්, කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

වීඩියෝ දර්ශන පහතින්,


.