දුක් වුණ කාලේ ඉවරයි.. වැඩිහිටියන්ටයි අඩු ආදායම්ලාභීටයි කරන්න යන සතුටු හිතෙන දෙය.. මොකක්ද කියලා දැන්ම දැනගෙනම ඉන්න..

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 03, 2024 03:23 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ය.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ඇස් උඩ යන ආරංචියක් ගැන ඇහෙද්දිම.. අද හරියටම 12:09ට..


එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02) සණස ව්‍යාපාරය මගින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් ය.

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..

ආරංචිය එනකොට අපේ අය හොඳ නින්දේ වුණත්, උණු උණුවේම මහ පාන්දරම ආ ඒ සුබ ආරංචිය මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් පල කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට සහන පොලිය මත නිවාස ණය ලබාදීමට අවධානය යොමු කරමින් තිබෙනවා. මෙතෙක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ මුදල් යෙදවූයේ බැඳුම්කර මිලදී ගැනීම සඳහායි.

දැන් අප ගෙන යන වැඩපිළිවෙළ අනුව රාජ්‍ය වියදම් අඩු කර තිබෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආදායම වැඩූ විට බැඳුම්කර මිලදී ගැනීමට අර්ථසාධක අරමුදලේ මුදල් අවශ්‍ය වන්නේ නැහැ.

එම මුදල් ආයෝජනය සඳහා යෙදවීමට සාකච්ඡා කරමින් තිබෙනවා. මේ පිළිබඳව වෘත්තීය සමිති සහ හාම්පුතුන් සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..


රජයේ වත්කම් වලින් ආයෝජන සමාගමක්, (National Wealth Fund) ඇති කිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

නෝර්වේ, කටාර්, සිංගප්පුරු වැනි රටවල්ද රාජ්‍ය ආදායමෙන් එන ලාභය සුභසාධනය සඳහා යෙදවීමට මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් ජනතාවගේ “අයිතිය“ සුරක්ෂිත කළ හැකියි.

මේ සණස ව්‍යාපාරය මඟින් ද සිදු කරන්නේ එවැනි සමාජ ආයෝජන වැඩපිළිවෙලක් බව කිව යුතුයි. විවිධ සේවා සමූපකාර සමිතිවෙතින් ද සිදු කරන්නේ මෙවැනි සමාජ ආයෝජන ක්‍රමවේදයක් බව කිව යුතුයි.

මේ සඳහා නව නීති ගෙන ඒමට අවශ්‍ය අතර ඩෙන්මාර්කය හා ස්විඩනය යන රටවල තිබෙන නීති දෙස අවධානය යොමු කර එම නීති සකස් කළ යුතුයි. එමඟින් ආයෝජන හෝ විශ්‍රාම සැලසුම් වෙත ද යොමු විය හැකියි.

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..


නව ඩිජිටල් ආර්ථිකයට පැමිණෙන තරුණ ව්‍යවසායකයින්ට වෙනම සණස ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. කෘෂිකාර්මික අංශය හා ධීවර අංශය නවීකරණය කිරීම මඟින් ඵලදායී ලෙස ආර්ථිකය දියුණු කළ හැකියි. ඒ සියල්ලටම පෙර ගමන් සහකරු වන්නේ සණස ව්‍යාපාරය බව මා කියන්න කැමතියි.

සණස ව්‍යාපාරය කියන්නේ වැස්සට තිබෙන කුඩය වගෙයි. හිසට තිබෙන වහල වගෙයි. මෙම ව්‍යාපාරය සඳහා ඉදිරියටත් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වෙනවා."