කේක් කැල්ලකට මරා ගන්න ගිය පාර්ලිමේන්තු සේවකයෝ...
By Parami Dissanayake
පාර්ලිමේන්තු භෝජනාගාර කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් අයකු අනෙක් සාමාජිකයාට පිහියකින් ඇනීමට උත්සාහ දරා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මගින් වාර්තා වේ.
එමෙන් ම, මෙමා දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් පසුව දෙදෙනාම එකිනෙකාට පහර දීගෙන ඇත.
මෙම ගැටුම සමථයකට පත් කර ඇත්තේ, ආහාරපාන අංශයේ ආහාර පරික්ෂාව සඳහා සිටින විශේෂ කාර්ය බළකාය, පොලිසිය ඇතුළු ආහාරපාන අංශයේ කාර්ය මණ්ඩලය විසින් ය.
මෙලෙස ගැටුම් ඇති කර ගත් සේවකයන් දෙදෙනාම ආහාරපාන අංශයේ යම් නිලයන් දරන දෙදෙනකු වන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ගැටුමට හේතුව වී ඇත්තේ, කේක් කෑල්ලක් බවත් එම ආරංචි මාර්ග පැවසී ය.