පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..ජනවාරි 21 සිට 24 දක්වා..

Parliament of Sri Lanka Sri Lanka Parliament Government Employee
By Aruna Jan 17, 2025 04:46 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව ජනවාරි 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ප්‍රකාශ කර ඇත.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි මේ බව තීරණය වී ඇත්තේ.

අධිවේගයේ බිහිසුණු බස් රථ අනතුරක්..දැනට එක් අයෙකු මරුට 19ක් තුවාල ලබයි.(PHOTOS)

අධිවේගයේ බිහිසුණු බස් රථ අනතුරක්..දැනට එක් අයෙකු මරුට 19ක් තුවාල ලබයි.(PHOTOS)


මේ අනුව, ජනවාරි 21 වැනිදා අගහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙන බවට වාර්තා වනවා.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව 22 වැනිදා ද පැවැත්වීමට දෙවැනි දිනට කල්තැබීම මෙහිදී තීරණය වූ බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.

ලබන 19 වනදා කරන්න යන විශේෂ දේ..මේ ගැන අවධානයෙන් ඉන්න..

ලබන 19 වනදා කරන්න යන විශේෂ දේ..මේ ගැන අවධානයෙන් ඉන්න..


ඒ එනුව, ජනවාරි 22 වැනිදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා ඇති පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතව ඇත.

ජනවාරි 23 වැනිදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා ඇති පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. අනතුරුව ප.ව 3.30 – ප.ව 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටයි මෙහිදී එකඟත්වය පළවී ඇත්තේ.

ජනවාරි 24 වැනිදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීමයි.


ඒ අනුව, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, රුක්මන් සේනානායක, රෙජිනෝල්ඩ් පෙරේරා, සිරිනාල් ද මෙල් සහ වෛද්‍ය මොහොමඩ් ඉල්ලියාස් යන අය වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ප්‍රකාශ කරන ලද්දේ.

You May Like This Video


ReeCha