ලබන 19 වනදා කරන්න යන විශේෂ දේ..මේ ගැන අවධානයෙන් ඉන්න..

Sri Lanka
By Aruna Jan 17, 2025 02:25 AM GMT
Aruna

Aruna

Report

තැපැල් සේවකයන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට රජය නිසි අවධානය යොමු නොකරන්නේ නම් අරගලවලට යොමුවීමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කර සිටිනවා.

එම පෙරමුණේ නියෝජිතයෝ කියා සිටින්නේ, මෙමස 19 වැනිදායින් පසුව සිය ගැටලුවලට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවන බවයි.

වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන විශේෂ දැනුම්දීමක්..ඉදිරි පැය 24 ගැන මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන විශේෂ දැනුම්දීමක්..ඉදිරි පැය 24 ගැන මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.


කොළඹදී පෙරේදා (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කළා.

තැපැල් සේවකයන්ගේ වැටුප් ගැටලුව විසදා ගැනීම සඳහා ආරම්භක පුරෝගාමීන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් බව, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මෙහිදී කියා සිටියේ ය 

මේ නිසා වර්තමාන රජය බලයට පත්වීමට පෙරදී වැටුප් සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා මෙවර අයවැයෙන් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළා.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ඉකුත් 2015 වසරින් පසුව වැඩි කිරීමක් සිදු කර නොමැති බවත්, එම වර්ෂයෙන් පසුව දීමනා වැටුපට එල්ලා තිබුණද, තැපැල් සේවකයන් විශ්‍රාම යද්දී එම දීමනා නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2,000 කගේද, කනිෂ්ඨ සේවකයන් 4,000 කගේද පුරප්පාඩු පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

තැපැල් සේවක වැටුප් ගැටලුවලට නිසි විසඳුමක් ලබාදීමට කටයුතු නොකළහොත් වර්තමාන රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ඔහු පැවැසීය.

ගුරුවරියන්ගේ ඇඳුම ප්‍රශ්නයක් වෙයි..පිරිසක් පාසලෙන් එළියට දමයි..දින 03කට වසා දමන්නැයි විභාග කොමසාරිස් ගෙන් නියෝගයක්..

ගුරුවරියන්ගේ ඇඳුම ප්‍රශ්නයක් වෙයි..පිරිසක් පාසලෙන් එළියට දමයි..දින 03කට වසා දමන්නැයි විභාග කොමසාරිස් ගෙන් නියෝගයක්..


වර්තමාන රජය සිය මති මතාන්තරවලට අනුව කටයුතු කරන්නේ නම්, එම වෘත්තීය සමිති පෙර පැවැති ගමන් මග අමතක කර නව ගමන් මගකට යාමට කටයුතු කරන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ යුගයක් නැවත රට තුළ ඉස්මතුවීමට වැඩි කාලයක් නොයනු ඇතැයිද ඔහු පැවැසුවේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකළ යුතුව ඇතැයි ද තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් පවසති.

සිය සහයෝගය ලබා දෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ කියා සිටියේ, වර්තමාන රජය මාධ්‍යවලට සිය මතයන් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීමට කටයුතු කරන බවත්, මාධ්‍ය ආයතනවලට ද වෘත්තීය සමිතියක් ලෙසයි.

You May Like This Video


ReeCha