තමන්ගේම වාහනයකින් කොළඹ එන අයට වාසියක්. - කොළඹ කරන්න යන අලුත් වෙනස මෙන්න.

Colombo Sri Lanka
By Wayomi Jul 31, 2024 03:23 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව සඳහන් කරනවා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?


එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවත්, රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)

හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)


"කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන ක්‍රමය වෙනුවට අපි දැන් යම්කිසි කලාපයක් සඳහා කොන්ත්‍රාත්තුවක් එන විදියට කටයුතු සිදුකරමින් පවතිනවා. බොහෝවිට තව මාස 3ක් වගේ ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඒ කලාපය තුළ රථ වාහන ගාල් භාවිත කරන පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද දැනට එක මාර්ගයක රථ නවත්තලා ආසන්නම කාලයේ තව කාලයක් ඉතිරිවෙලා තිබිලා ගාල් කළොත් ඒ ටිකට් එකම භාවිත කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. කලාපය තුළ ක්‍රියාත්මක කිරීමේ දී රියදුරන්ට වාසියක් ලැබෙනවා අදාළ කලාපය තුළ පැයක් වගේ ඇතුළත ස්ථාන දෙක තුනක වුණත් ගාල් කිරීමට හැකියාව ලැබෙනවා."

ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.

ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.