ගුවන් සේවිකාවකගේ අතින් ඇද්ද ගුවන් මගියාට පොලිසියේදී හෘදයාබාධයක්. - බිරිඳගෙනුත් හෙළිදරව්වක්.

Bandaranaike International Airport Sri Lanka Airport Heart Attack
By Wayomi Jul 30, 2024 01:44 PM GMT
Wayomi

Wayomi

Report

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (30) දින ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය අද (30) අලුයම 02.00 ට පමණ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී ඇත.

එහිදී ගුවන් යානය තුළ හොරණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සදහා අංක 11 ජී නැමැති ආසනයෙහි අසුන් ගෙන සිට තිබෙනවා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?


මෙම ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී , ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට ගුවන් සේවිකාවගේ වම් අත , මැණික් කටුව සහ වැලමිට අතර ප්‍රදේශයෙන් තදින් අල්ලා , පරුෂ වචනයෙන් ද බැණ ඇත.

මෙම ගුවන් සේවිකාව මේ පිළිබඳ වහාම ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති අතර අනතුරුව ගුවන් නියමුවා මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගැනුනා.

හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)

හෙට සිට දුම්රිය ආසන වෙන් කරන වේලාව වෙනස් වෙයි. - වෙනස් වූ වේලාව මෙන්න. (UPDATE / PHOTO)


මෙම ගුවන් යානය අද 30 දින උදෑසන 08.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගත් අතර පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත් මෙසේ අත් අඩංගුවට ගත් මෙම ගුවන් මගියාට මද වේලාවකට පසුව ගුවන් තොටුපොළ පොලිසිය තුළ දී හෘදයාබාධයක් වැළදීම නිසා මේ වනවිට මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සුපිරි නළු ෂාරුක් හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදයට. - ඉන්දීය රෝහලකින් කළ ප්‍රතිකාරයක් වැරදිලා?? - (VIDEO)

සුපිරි නළු ෂාරුක් හදිසි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදයට. - ඉන්දීය රෝහලකින් කළ ප්‍රතිකාරයක් වැරදිලා?? - (VIDEO)


මෙසේ හිංසනයට ලක් වූ ගුවන් සේවිකාව ද මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සදහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත පොලිසිය විසින් ඉදිරිපත් කර ඇත.

එමනේම මෙම ගුවන් මගියාගේ බිරිඳ ප්‍රකාශයක් සිදු කරමින් තම සැමියාට ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් පහර දී ඇති බවට චෝදනාවක් කර ඇත.

මේ දිනවල ලංකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක "මේඝ" සහ "අනුදි" ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන්න සැරසෙයි.

මේ දිනවල ලංකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක "මේඝ" සහ "අනුදි" ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන්න සැරසෙයි.


තම සැමියා වසර 14ක කාලයක් කුවේට් රාජ්‍යයේ කොරියානු නූඩ්ල්ස් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කරමින් සිටින බවත් ඔහු හෘදයාබාධයකින් පෙළෙන නිසා මෙසේ වරින්වර කොළඹට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කර ඇත.

මෙම ගුවන් මගියා ගුවන් අවකාශය තුළ සිදු වූ සිදුවීමක් බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප දීම නීතිපතිවරයා විසින් තීරණය කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා.

"මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේම නංගිගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ" - නාමල්ගේ සහ රුවන්තිගේ දියණියට ආ අපූරු සුබපැතුම. - (PHOTOS)

"මගෙ අම්මා ගෙ කුසින් නූපන් එහෙත්, මගේම නංගිගෙ ලස්සනම දවසේ එයා කුමාරිකාවක් වගේ" - නාමල්ගේ සහ රුවන්තිගේ දියණියට ආ අපූරු සුබපැතුම. - (PHOTOS)